4DR5 JEEP එකට AMARON බැටරි දෙකක් දැම්ම (24V , 12V*2). එකක් දැම්මෙ 2018 අගෝස්තු. අනික 2019 අගොස්තු. පරතරය අවුරුද්දයි. දෙකේම WARRANTY තියනව. මම JEEP එකේ VOLT METER 2ක් හයිකරල තියනව BATTERY VOLTAGE බලාගන්න. වෙන වෙනම. අනිත් SYSTEM එක ඔක්කොම 24V. එකක්වත් 12V (තනි බැටරියකින් අරන් නෑ) ඔන්න අලුත් බැටරිය දාල හෝටන් තැන්න, උඩවලව වගේ දුර ගමන් කීපයක් ගියා. බැටරි දෙකේ VOLTAGE DIFFERENCE එක ගොඩක් වැඩි. පරණ එක 15.8V වගේ යනව. අලුත් එක 12.5V. ඒ කියන්නෙ චාජ් වෙන්නෙ නෑ. ඒත් CURRENT එක අඩුත් නෑ. මගෙ ලඟ තියන බැටරි SCANNER එකෙන් SCAN කරා. INTERNAL RESISTANCE, CCA වගේ ඒව ඔක්කොම හොඳයි. දැන් මොකද කරන්නෙ. මම ගියා ELECTRICIAN හම්බෙන්න. ගිහින් ALTERNATOR එක SERVICE කරගත්ත. ලෙඩක් තිබ්බෙ නෑ. ඒත් කමක් නෑ. ඊට පස්සෙ මගෙ ලඟ තියන BATTERY CHARGER (TOTAL BRAND) එකෙන් බැටරි දෙකම චාජ් කරා. එහෙම කරල වාහනේට හයි කරල මාතලේ වගේ දුර ගිහින් ආව. ඒ එනකොට FULL LOAD (DUAL AC, HEAD LIGHT) දාල තියද්දි අලුත් බැටරිය 12.0V වලට අඩු වෙනව. පරන එක 15.5V යනව. ඒ කියන්නෙ ALTERNATOR එකෙන් 28V OUT වෙනව. ඒත් බැටරි BALANCE වෙන්නෙ නෑ. මොකක් හරි ප්‍රශ්නයක්. පස්සෙ මම බැටරි ගන්න BATTERY CITY - KESBEWA ශොප් එකට අරන් ගියා. ඒ මහත්මයාට කතාව තේරුම් කරල දුන්න. එයා ලඟ තියනව PROFESSION BATTERY SCANNER එකක්. මිල ලක්ශ 2කට වැඩි මම හිතන්නෙ. ඒකෙන් SCAN කරල REPORT 2ක් ගත්ත. BATTERY 2ම හොඳයි. දැන් මොකද කරන්නෙ. මම හරි අපහසුතාවයකට පත් උනේ. බැටරිය චාජ් වෙන්නෙත් නෑ. SCAN කරාට ලෙඩකුත් නෑ. වෙන තැනකනම් මට විශ්වාසයි වෙන බැටරියක් මට ගන්න වෙනව. පස්සෙ ඒ මහත්මය කීව අපි බැටරි මාරු කර කර බලමු කියල. අලුත් බැටරිය ගලවල පරන AMARON එකක් දැම්ම. මෙන්න නියමේට චාජ් වෙනව. 14V දෙකම. ඊට පස්සෙ පරණ බැටරිය ගලව අලුත්ම බැටරියක් දැම්ම. ඒකත් චාජ් වෙනව. 13.9V යනව දෙකම. ඊට පස්සෙ අලුත් බැටරිය දැම්ම. මෙන්න ඒක 12.2V අනිත් එක 15.5V. දැන් ඔප්පු උනා මොකක් හරි බැටරියෙ වැරැද්දක් තියනව කියල. ඉතින් ඒ මහත්මය AMARON SALES කරන කෙනාට කතා කරල ඒ වෙලාවෙම කීව කතාව. එයත් පිලිගත්ත බැටරියෙ මොකක් හරි INTERNAL CASE එකක් කියල. පස්සෙ මට පරන AMARON බැටරියක් දුන්න. අලුත් එක WARRANTY CLAIM කරල දෙන්නම් කියල. මේක වෙලා දවස් 2යි. දැන් මම බලාගෙන ඉන්නෙ AMARON එකෙන් අලුත් බැටරියක් එවනකන්. KESBEWA BATTERY CITY එකේ මහත්මය මට ලොකු උදව්වක් කරා තත්වය තේරුම් අරන්. අපි බලමු AMARON COMPANY එකෙන් WARRANTY එකට එවන බැටරිය කොහොම එකක් වෙයිද කියලත්. කාට හරි මේක ප්‍රයෝජනවත් වෙයි කියලයි ලීවෙ. ඒ වගේම AMARON බැටරියෙ CCA එක වැඩි නිසා තමයි අපි ඒක ගන්නෙ. ඉතින් එයාලගෙ CUSTOMER CARE එකත් මේකෙන් බලාගන්න පුලුවන්. අපි බලමු. නැවත ලිපියකින්. ස්තුතියි.