Kaushala Wickramasinghe Posted March 11, 2023 Share Posted March 11, 2023 අප සතුව Toyota Vios 2005 (1st Gen_NCP42) නිෂ්පාදිත රථයක් ඇති අතර එහි Pickup කිරීමේදී ඉදිරිපසින් අසාමාන්‍ය පැද්දීමක්/ දෙදරීමක් දැනුණු නිසාවෙන් කාර්මික ආයතනයකට ගොස් පරීක්ෂා කර ගත්තෙමු. එහිදී දැනගන්නට ලැබුණේ මෙය රථයේ Axle හි Inner CV Bucket හා Tripod Joint ගෙවී යාම නිසා ඇතිවන Play එක නිසා ඇතිවන ගැටළුවක් ලෙස ය. ඉන්පසුව අප විසින් දැනට මසකට පමණ ඉහත දී හොඳ තත්ත්වයේ Reconditioned Axle දෙකක් ගෙන යෙදූ පසු ගැටළුව සම්පූර්ණයෙන්ම නිරාකරණය වී තිබුණි. එහෙත් නැවත මසක් දෙකක් පමණ ගතවෙද්දී නැවතත් එම ගැටළුව ම ඇතිවෙමින් පවතින බැව් දැනේ. පෙර පරිදි ම නැතත් ක්‍රම ක්‍රමයෙන් Pickup එකේ දී ඇතිවන එම අසාමාන්‍ය වැනවීම/ පැද්දීම ඇතිවෙමින් පවතී. එම වෙව්ලීම ඇතිවන අවස්ථාවේ දී Accelerator එක අතහැරීම හෝ Gear එක Neutral කළ විට වෙව්ලීම සම්පූර්ණයෙන් ම නතර වේ. Axle එකට බලය ලැබෙන අවස්ථාවේ දී පමණක් වෙව්ලීම හටගනියි. අලුතෙන් යෙදූ Axle වල Inner CV Joints ද මෙලෙස කෙටි කලක් තුළ ගෙවී යාමට හේතුව සඳහන් කළ හැකි අයෙකු වේ නම් ඉතා අගය කොට සලකමි. තවද වාහනයේ Mounts යනාදිය සියල්ල ම මෑතකදී යොදා ඇති අතර ඒවායේ කිසිදු ගැටළුවක් නොමැත. මෙම ගැටළුව ම ඇති තවත් මේ වර්ගයේ කාර් රථයක් ඇති අතර ඔහු Axle වල Inner CV Buckets සහ Tripod Joints පමණක් අලුතෙන් යෙදූ අතර ඉන්පසු ගැටළුව නිරාකරණය වී තිබිණි. නමුත් ඔහු ද මා හට සඳහන් කළේ ඔහුගේ වාහනයේ ද නැවතත් ගැටළුව දැනෙමින් ඇති බව යි. මේ ගැටළුව පිළිබඳව කිසියම් හෝ අදහසක් ඇති අයෙක් වේ නම් කරුණාකර මෙහි සඳහන් කරන්න. ස්තුතියි. Quote Link to comment Share on other sites More sharing options...
Question
Kaushala Wickramasinghe
අප සතුව Toyota Vios 2005 (1st Gen_NCP42) නිෂ්පාදිත රථයක් ඇති අතර එහි Pickup කිරීමේදී ඉදිරිපසින් අසාමාන්‍ය පැද්දීමක්/ දෙදරීමක් දැනුණු නිසාවෙන් කාර්මික ආයතනයකට ගොස් පරීක්ෂා කර ගත්තෙමු. එහිදී දැනගන්නට ලැබුණේ මෙය රථයේ Axle හි Inner CV Bucket හා Tripod Joint ගෙවී යාම නිසා ඇතිවන Play එක නිසා ඇතිවන ගැටළුවක් ලෙස ය.
ඉන්පසුව අප විසින් දැනට මසකට පමණ ඉහත දී හොඳ තත්ත්වයේ Reconditioned Axle දෙකක් ගෙන යෙදූ පසු ගැටළුව සම්පූර්ණයෙන්ම නිරාකරණය වී තිබුණි. එහෙත් නැවත මසක් දෙකක් පමණ ගතවෙද්දී නැවතත් එම ගැටළුව ම ඇතිවෙමින් පවතින බැව් දැනේ. පෙර පරිදි ම නැතත් ක්‍රම ක්‍රමයෙන් Pickup එකේ දී ඇතිවන එම අසාමාන්‍ය වැනවීම/ පැද්දීම ඇතිවෙමින් පවතී.
එම වෙව්ලීම ඇතිවන අවස්ථාවේ දී Accelerator එක අතහැරීම හෝ Gear එක Neutral කළ විට වෙව්ලීම සම්පූර්ණයෙන් ම නතර වේ. Axle එකට බලය ලැබෙන අවස්ථාවේ දී පමණක් වෙව්ලීම හටගනියි.
අලුතෙන් යෙදූ Axle වල Inner CV Joints ද මෙලෙස කෙටි කලක් තුළ ගෙවී යාමට හේතුව සඳහන් කළ හැකි අයෙකු වේ නම් ඉතා අගය කොට සලකමි. තවද වාහනයේ Mounts යනාදිය සියල්ල ම මෑතකදී යොදා ඇති අතර ඒවායේ කිසිදු ගැටළුවක් නොමැත.
මෙම ගැටළුව ම ඇති තවත් මේ වර්ගයේ කාර් රථයක් ඇති අතර ඔහු Axle වල Inner CV Buckets සහ Tripod Joints පමණක් අලුතෙන් යෙදූ අතර ඉන්පසු ගැටළුව නිරාකරණය වී තිබිණි. නමුත් ඔහු ද මා හට සඳහන් කළේ ඔහුගේ වාහනයේ ද නැවතත් ගැටළුව දැනෙමින් ඇති බව යි.
මේ ගැටළුව පිළිබඳව කිසියම් හෝ අදහසක් ඇති අයෙක් වේ නම් කරුණාකර මෙහි සඳහන් කරන්න.
ස්තුතියි.
Link to comment
Share on other sites
0 answers to this question
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.