udayanga_ Posted November 15, 2015 Share Posted November 15, 2015 මෙරටට ගෙන්වන ජපන් වාහනවල මිල ගණන් මේ මස 11 වෙනිදා සිට ක්රියාත්මක වන පරිදි පහල ගොස් ඇති බව වාර්තා පෙන්වා දෙයි. මෙසේ වාහන මිල ගණන් පහල යාමට හේතුව වී ඇත්තේ ශ්රී ලංකා රේගුව විසින් වාහන වල FOB (Free On Board)අගය එනම් (වාහනයක් නැව් ගත කරන තුරු යන වියදම වෙනුවෙන් වාහනය සඳහා තක්සේරු කරන වටිනාකම) පහත දැමීමත් සමගයි. එහිදී වාර්තා පෙන්වා දෙන්නේ කලින් තිබූ FOB අගයට සාපේක්ෂව නව වටිනාකම ලක්ෂ කිහිපයකින් පහත වැටී බවයි. ඒ අනුව වාහනය මිලද පහත වැටේ. උදාහරණයක් ලෙස ..Toyota Aqua මෝටර් රථයේ කලින් තිබූ FOB අගය ජපන් යෙන් 2,377,962 වන අතර එහි නව අගය ජපන් යෙන් 1895000 ක් වේ. මුදල් අමාත්යංශය පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිදුකළ වාහන බද්දේ සංශෝධනය අනුව වාහන මිල සැලකිය යුතු අගයකින් ඉහල නැංගේය. ඒ අනුව Toyota Aqua මෝටර් රථය ශ්රී ලංකා රුපියල් ලක්ෂ රුපියල් 770,000 කින් ඉහල ගියද දැන නව FOB අගය අනුව එම මෝටර් රථයේ වටිනාකම ශ්රී ලංකා රුපියල් ලක්ෂ 5 කින් පමණ අඩුවෙයි. මහින්ද රාජපක්ෂ පාලන කාලයේ වාහන ගෙන්වීම සඳහා මෙරට මෝටර් රථයක තක්සේරු වටිනාකම හෙවත් FOB අගය වාහනයේ වටිනාකම නොතකා වැඩි කරනු ලැබූවද මෙම අවස්ථාවේ එම අගය වාහනයේ නියම වටිනාකමට ආසන්න අගයක් ගෙන ඇත. for more information:http://lankaanews.com/%E0%B6%A2%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD-%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%84%E0%B6%AD-%E0%B6%BA%E0%B6%BA%E0%B7%92/ http://theceylon.net/wp-content/uploads/2015/11/Values_11_11_2015.pdf Quote Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.